විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ ( වැය ශීර්ෂ ) පළමු දින විවාදය අද (23) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වෙයි.
ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳ කැස්බෑව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් දෙකක් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20දා මාම්පෙ සණස ශාලාවේදී සහ හොන්නන්තර උතුර, ශ්‍රී විජයනන්දනාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
මේ වන විට යල්පැනගිය නීති 50කට වඩා ප්‍රමාණයක් සංශෝධනය කර අදට ගැළපෙන ආකාරයට සකස් කරමින් සිටින බවත්, පසුගිය සතිය ඇතුලත පාර්ලිමේන්තුව තුළ නව අනපණත් 17ක් පමණ සම්මත කරගත් බවත්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වූන්ජින් ජොන්ග් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී හමුවිය.