ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රටක අනාගතය තීරණය වන්නේ වර්තමාන තාරුණ්‍යයේ දක්ෂතා හා කුසළතා මතයි. මනා විනයකින් සංයමයකින් යුතු තරුණ පිරිස රටට මහත් සම්පතක් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
ශ්‍රි ලංකාවේ ආර්ථිකයට ඉහළ සක්‍රීය දායකත්වයක් කාන්තාවන් විසින් ලබාදෙන බවත් ආර්ථිකමය වශයෙන් පමණක් නොව සමාජීය හා දේශපාලනික වශයෙන්ද ඉතා වැදගත් භූමිකාවක් ලාංකික සමාජයේ කාන්තාව විසින් ඉටුකරන බවත් කර්මාන්ත හා වැවැලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ නොතාරිස් (සංශෝධන), සහ ලේඛණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන), යන පනත් කෙටුම්පත් ද්විත්වය සඳහා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (31) සිය සහතිකය සටහන් කළේය.