පාර්ලිමේන්තුව හා සමාන වෙනත් මහජන සභාවක් පිහිටුවීමට නීතියෙන් අවකාශයක් නොමැති බවත් එසේ පිහිටුවීමට උත්සාහ කිරීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීමක් බවත් සභානායක අමාත්‍ය (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සවිබල ගැන්වීමට අදාළව යෝජිත පනත් කෙටුම්පත පිළිබඳ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට පසුගියදා ලක්විණි.
රට තුළ ගෝස් සහ පුළුං හිඟයක් පවතින්නේ යැයි මේ දිනවල ඇතැම් මාධ්‍ය වල පළවන පුවත් වල කිසිදු සත්‍යතාවයක් නැතැයිද, ගෝස් සහ පුළුං සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමේදී ඒවා අවශ්‍ය ප්‍රමාණයට පවතින බවද වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ඩී. ආර්. කේ. හේරත් මහතා පැවසුවේය.
නොවැම්බර් මස 06 සිට 18 දක්වා ඊජිප්තුවේ ෂාම් එල් ශේයික් නගරයේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමුළුව (COP 27) - 2022 ට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇත.