ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය විශිෂ්ඨ සාහිත්‍ය නිර්මාණයන්ගෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයට පාත්‍ර කරන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඔක්තෝම්බර් මස 28 වන දින ප.ව. 02.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
රටේ පවතින ඖෂධ සම්බන්ධයෙන් දෛනිකව සාකච්ඡා කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් වන විශේෂ කමිටුව දිනපතා රැස්වීමට ( ඊයේ 25) තීරණය කෙරිණි.
ජනමාධ්‍යයේ වගකීම ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී සමාජයක් බිහි කිරීම බවත්, ඒ වෙනුවෙන් ජනමාධ්‍ය තම මෙහෙවර ඉටු කිරීමට කටයුතු කළයුතු බවත්, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අවධාරණය කරයි.
ඉදිරියේදී බිත්තර හිගයක් ඇතිවනු ඇතැයි ඇතැම් මාධ්‍යවල පළවන පුවත් අසත්‍ය බවද,එවැනි බිත්තර හිඟයක් ඉදිරියේදී ඇති නොවන බවද, උත්සව සමය ඉලක්ක කරගනිමින් සත්ත්ව පාලන කටයුතු වැඩිදියුණු කරමින් සත්ත්ව නිෂ්පාදන ප්‍රමාණය වැඩිකරන බවද පශු සම්පත් අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි.