දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘතව පවතින බවත් කැලණි ගංගාද්‍රෝණියේ, මාවුස්සාකැලේ වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ විවෘත කර ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඩී.අබේසිරිවර්ධන මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකින් වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගතව සිටින දෙමළ සිරකරුවන් 08 දෙනෙකුට ජනාධිපති සමාව පිරිනමා ඇත.
වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා සතියකට ලීටර් 05ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.