දේශීයව සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරන නිෂ්පාදකයින් ආනයනය කරන අමුද්‍රව්‍ය සඳහා වන සියලුම බදු ඉවත් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය ඉතා සුවිශේෂී බවත්, අදාළ බදු ඉවත් කිරීමත් සමඟ නැවතත් සනීපාරක්ෂක තුවා මිල අඩුවනු ඇති බවත්, ඉදිරියේදී ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කොට මීටත් වඩා අඩු මිලකට ලබාදීමට කටයුතු කරන බවත්, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය
අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පවසයි.
සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් (David McKinnon) මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලවෙ(ර්)තු (Eric Lavertu) මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ “ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (03) පෙරවරුවේ නිවේදනය කළේය.
ඉදිරියේ දී පාන් පිටි මිල අඩු කරගත හැකිවේ යැයි වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.