මී ඔය ව්‍යාපාරයට අයත් පදවි ශ්‍රීපුර පරණ මැදවච්චිය ගම්මානයේ පදිංචි පවුල් හතළිස් හයකට කුඹුරු ඉඩම් සඳහා නීත්‍යානුකූල බලපත්‍ර බෙදාදීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
මොනරා, වදුරා සහ රිලවා ඇතුළු සතුන්ගෙන් සිදු වන වගා හානිය වැළැක්වීමට කෙටිකාලයක් ඇතුළත ප්‍රායෝගික වැඩ පිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකතුමා පාර්ලිමේන්තුවට (23 දින ) ඉදිරිපත් කළේය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.