මහජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණ කිරීමේ අයිතිය රජය පිළිගන්නා නමුත් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරීම අනුමත නොකරන බවත්, එවැනි හැසිරීම් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.
"ඔබේ මහවැලි ඉඩම් උරුමය නිවසටම" වැඩසටහන මහවැලි කලාප දහයක් ආවරණය කරමින් සැප්තැම්බර් 23 දින ශ්‍රී ලංකා මහවැලි අධිකාරය, නේවාසික ව්‍යාපාර කළමනාකාර (වික්ටෝරියා / ඊ) කලාපීය බලප්‍රදේශයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
රටේ සංවර්ධනයට දායක වන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් සකස්කෙරෙන ජාතික භෞතික සැලැස්ම නුදුරෙදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.