ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 15 වන දින රාත්‍රියේ සහ (2022 සැප්තැම්බර් 16) අළුයම සිදුකළ මුර සංචාරයකදී හා සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 26 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී ක්‍රීඩාවට වැඩි ඉඩක් වෙන් කෙරෙන අතර එහි මූලික ප්‍රතිපත්තිවල විෂය ක්ෂේත්‍ර හය අතරින් පළමු ක්ෂේත්‍රය වන සෞඛ්‍ය හා නිරෝගීකම සමග ක්‍රීඩාව බද්ධ වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල සේවාවන් ලබාදීමට මෙන්ම දේශීය රැකියා හා ජාත්‍යන්තර රැකියා සපයන ආයතන එකට එක් කරමින් ග්ලෝකල් ෆෙයා 2022 ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී පවත්වන බවත්, කම්කරු ගැටලු සහ සුබසාධනය සේ ම විදේශ රැකියා සම්බන්ධ සියලු තොරතුරු සහ අවස්ථාවන් පිළිබද පූර්ණ අවබෝධයක් මෙහිදී ලබා ගත හැකි බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවැසීය.
පසුගිය 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට සමගාමීව, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගිය 16 දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්විණි.