වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඡන්ද පත්‍රිකාව නිවැරදිව සලකුණු කිරීමෙන් ඡන්දය වලංගු ඡන්දයක් බවට පත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාවේ සභාපති ආර්.ඒම්.ඒ. එල් රත්නායක මහතා පවසයි.
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම්, තමාට නියමිත තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒම්.ඒ. එල් රත්නායක මහතා පවසයි. අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිස එහි පිටපතක් භා ගත කර ගත හැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 63,000ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය. අද(19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.