බෞද්ධ, හින්දු, ඉස්ලාම් ක්‍රිස්තියානි හා කතෝලික දහම් පාසල් ගුරුභවතුන් සිදු කරන සේවය අගය කරමින් ඔවුන් දිරිගැන්වීම සඳහා රුපියල් 7500ක දීමනාවක් ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම වසරේ ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය සඳහා අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද(14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
2024.09.20 දින බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු වසා තැබෙන බව, බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන) එල්.ඒ.කළුකපුආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිරසහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැක.