ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    පාසල් දරුවන් සඳහා ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව  පැවසීය.

    රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගෙන් අයදුම්පත්‍ර කැඳවා ඇත.

     

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි යම් තැනැත්තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු වේ නම් එවැනි තැනැත්‍තකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වීම සඳහා සුදුසුකම් නොලනු ඇත.

     

    එමෙන්ම කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීමට පෙරාතුව රාජ්‍ය සේවයේ රජයේ නිලධර‍යකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් රජයේ සේවයේ නිරතව සිටි සෑම තැනැත්තකුම එම ධුරය දැරීම ඉහත කී පත්කිරීම බලාත්මක වූ විට නතර වන අතර රාජ්‍ය නිලධර‍යකු හෝ අධිකරණ නිලධාරියකු ලෙස තවදුරටත් පත් කරනු ලැබීමට ඒ තැනැත්තා නුසුදුස්සකු වනු ඇත.

     

    මේ සඳහා වන අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කර, සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 සැප්තැම්බර් මස 23 දින හෝ එදිනට පෙර, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

     

    ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.

    විදෙස් ගමන් බලපත් ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට අදාළ අංශ වලට උපදෙස් ලබා දී ඇතැයි සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය. විදෙස් ගමන් බලපත් ලබාදීමේදි ඇති වී තිබෙන  ප්‍රමාදය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභානායකවරයා මෙසේ පැවසීය.

    "ගෑස් පෝලිම් තෙල් පෝලිම් නැති කළ ආණ්ඩුවකට මෙම පෝලිම් නැති කරන එක ප්‍රශ්නයක් නොවෙයි. එදා ඒ පෝලිම් ගැන කවුරුත් කතා කළේ නැහැ.

    මුලින් ඊ පාස්පෝට් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණා. නමුත් ඇති වූ තාක්ෂණික ගැටලුව මත එය කල් ගියා. මේ අතර ඊ පාස්පෝට් නොවන පාස්පෝට් ප්‍රමාණවත් සංචිතයක් නොමැති වීම නිසා අද මෙම ගැටලුව මතු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි කණගාටු විය යුතුයි. ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ පිළිබඳ යම් ගණනයක් කර තිබිය යුතුයි. නමුත් එය සිදු වී නැහැ. මේ සඳහා අතිරේක සූදානමක් තිබිය යුතුයි. ඊ ගමන් බලපත්‍රය විධිමත් ආකාරයට නිකුත් කරන තෙක් සාමාන්‍ය ගමන් බලපත්‍ර ලක්ෂ 7 1/2 වැනි ප්‍රමාණයක් කඩිනමින් මුද්‍රණය කිරීමට  උපදෙස් ලබා දී තිබෙනවා. නමුත් එම සමාගමට ගමනිබලපත් මුද්‍රණය කිරීමට යම් කාලයක් අවශ්‍ය වෙනවා. එතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙය කළමනාකරණය කරනවා. තව මාසයක් තුළදී සාමාන්‍ය ගමන් බලපත් නිසි පරිදි ලබා දීමට දැනුම් දී තිබෙනවා"

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (03) නිකුත් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya