සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වීසා ගාස්තු නිදහස් කිරීම එනම්,free visa සහ on arrival visa ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(03) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මාතර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගන්නවා යන්න සම්පූර්ණයෙන් අසත්‍යයක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(03) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
2019 වර්ෂයේ දී රජයේ පාසල්වලට පුහුණුවීම සඳහා අනුයුක්ත කළ උපාධිධාරි සංවර්ධන නිලධාරීන් 23,000ක පිරිසකගෙන් 7,000ක් පමණ දැනටමත් පළාත් මට්ටමින් ගුරු සේවයට බඳවා ගෙන ඇත. ඉතිරි 16,000ක් පමණ වන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු නිසා ප්‍රමාද විය.
කරුණාරත්න පරණවිතානගේ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නේය.