අලි – මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ඊට අදාළ නියමු ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබෙන බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් මෙම වසරේ ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 22 වනදායින් අවසන් කෙරේ.
මෙම වසර තුළ අද උදෑසන තෙක් ඩෙංගු රෝගීන් 83,432ක් වාර්තා වී ඇතැයිද, ඉන් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇඅත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද, මෙම වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වීමෙහි වැඩි වීමක් දක්නට ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ අද (20) වර්තමාන ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 65ක් හඳුනාගෙන ඇතැයිද, සාමාන්‍යයෙන් මෙම කාලයේ දිනකට රෝහල් වල ඩෙංගු සඳහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් දහසකට අධික ප්‍රමාණයක් එනම් 1011ක පමණ සාමාන්‍ය අගයක් වාර්තා වන බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.