2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම 2023.07.07 සිට මාර්ගගතව සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මහ බැංකුව පොලී අනුපාත පහත දැමීමට අනුව යමින් පොලී අනුපාත පහත නොදමන වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලන බවත් ඒවා දැඩි නියමනයකට ලක් කිරීමට සූදානම් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සුරාබදු සැරයන්වරුන්ට ස්වර්ණ සම්මාන පිරිනැමීම වෙනුවෙන් සුරාබදු මූලස්ථානයේ ඊයේ (07) පැවැති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඇතැම් කණ්ඩායම් රට තුළ නැවත ජාතිවාදී හා ආගම්වාදී ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ දරන බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මේ වන විට උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණයේ අවසන් අදියරට පැමිණ සිටින අතර එය අවසන් වූ වහා ම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය ආරම්භ කරන බවත් 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය ද මෙම වර්ෂාවසානයට පෙර පවත්වන අතර දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2024 වර්ෂයේ මුල් කාර්තුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.