ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමාජිකයන් පත්කර ඇත.
ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කෙරිණි.
බදු අය කර ගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළු විශේෂ යෝජනා මාලාවක් නුදුරේදීම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන යටතේ දැනට ප්‍රසිද්ධ ඇත්තේ පුතිලාභ ලාභින්ගේ අවසාන නාම ලේඛනය නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමට ලබා දී ඇති දින 10ක කාලයෙන් පසු සිදු කරන සොයා බැලිමෙන් අනතුරුව අවසන් නාම ලේඛනය ප්‍රකාශයට පත් කරන බවයි.