ආර්ථික සවියක් ඇවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් දරණ උත්සාහයන් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.
ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බැවින් නිවසේ රැඳී සිටිමින් ඒ සඳහා සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසර ණය ප්‍රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික විය
රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙම ජාතික භෞතික සැලැස්මට අදාළ කෙටුම්පත මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා මහජනතාවගේ ද අදහස් ලබා ගෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එය සම්මත කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2048 රටේ සංවර්ධන දැක්මට සමගාමීව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත්, මෙරට අධිවේගී මාර්ග ඇතුළු මූලික සංවර්ධන වැඩසටහන් රැසක් ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේය.
මෙම වැඩපිළිවෙළ වසර දෙකක නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන ආකාරයට උතුර, නැගෙනහිර යන පළාත්වල සහ මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.