ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධන වී පසුව සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාළගුණ විද්‍යාෙදපාර්තමේන්තුව සඳහන් කරයි.
කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිලෙහි කිසිදු වෙනසක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පළවන මාධ්‍ය ප්‍රචාර අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි
මෙම දිනවල දරුවන් අතර ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචන රෝග තත්ත්වයන් වැඩි වශයෙන් වාර්තා වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.