අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය හෙට ආරම්භ වේ.ප්‍රදර්ශනය මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
පාර්ලිමේන්තුව අද (11)පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 06.00 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව “එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය” පිළිබඳ කල් තැබීමේ විවාදය දෙවන දිනටත් පැවැත්වීමට නියමිතය.
ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී පැවැත්වෙන 2023 ලෝක අධ්‍යාපන සමුළුවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සහභාගී විය. මෙම සමුළුවදෙී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට, ලෝක බැංකුවේ ගෝලීය අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙයිමි සද්‍රා මහතා (Jaime Saavedra) මුණ ගැසුණේය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.