ජූනි 11, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච් සෙයිඩ් මහතා පසුගියදා (07) පාර්ලිමේන්තුවේ දී කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

    ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක  සුර්යබල  උද්‍යානයේ  ඉදිකිරීම්  කඩිනම්  කිරීමට අවශ්‍ය  උපදෙස් හා නිර්දේශ  ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව  ලබා දී තිබේ.

    2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අද අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අද සහ හෙට දිනයේදී බලාපොරොත්තු වේ.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්  ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

    නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya