මෙම වසරේ බදු ආදායම පෙන්නුම් කරන ලද ශක්තිමත් කාර්ය සාධනය හේතුවෙන්, පසුගිය සමයේ සිදු කරන ලද බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් පුද්ගල ආදායම් බදු මට්ටම රුපියල් 500,000 සිට රුපියල් 720,000 දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යෝජනා කර තිබේ.
එම යෝජනාව සඳහා IMF විසින් සංශෝධන ඉදිරිපත් කර ඇති අතර පහළ බදු මට්ටම්වලට අයත් පිරිස සඳහා වැඩි සහනයක් ලබා දීම, මධ්‍යම මට්ටමට ද ඒ හා සමාන සහන සලසමින්, ඉහළ ආදායම් ලබන්නන් සඳහා තරමක් අඩු සහන ලබාදීමට මෙන්ම මෙම යෝජනාවේ හරය නොවෙනස්ව තබා ගැනීම ඊට අයත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
2023 වසරට අදාළ හිඟ බදු තවදුරටත් නොගෙවන්නේ නම් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීමට වහාම අවශ්‍ය උපදෙස් සුරාබදු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා (07) මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
'යාපනය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2024' අද (09/08/2024) උදෑසන යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ විය.