අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතා ලක් ඉතිහාසයේ දැවැන්ත අභියෝග රාශියකට මුහුණ දුන් මුදල් ඇමතිවරයෙක් බවත්, අපේ රටේ නිදහස් වෙළෙඳ ආර්ථිකය පුළුල් වූයේ රොනීද මෙලේ අමාත්‍යවරයාගේ කාලයේ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතා වෙනුවෙන්, අද (09) පාර්ලිමේන්තුවේ ශෝක යෝජනාවට එක් වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව පැවසීය.
වතු සේවකයන්ට වැඩි කළ රුපියල් 1700ක වැටුප ඒ ආකාරයෙන්ම ලබාදීමට රජය තීරණය කර ඇතැයි සභානායක, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය. වතු සේවකයන්ට වැඩි කළ වැටුප නොගෙවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
මෙරට සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් චීන රජයෙන් තමන්ගේ මැදිහත් විමෙන් මෙරටට ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.