කොවිඩ් වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් පසු රට හැර ගිය වෛද්‍යවරු නැවත මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වැටුණු රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉතා කෙටි කාලයක් තුළ, ආර්ථික වශයෙන් යළි නැගී සිටි බව , රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(08)පාර්ලිමේන්තුවේදී පැවසීය. ලසාර්ඩ්-ෆ්‍රාන්ස් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් සමග ශ්‍රි ලංකා රජය එළඹඇති ගිවිසුම් සම්බන්ධයෙන් සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරන දින සම්බන්ධයෙන් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටේ පැවති ප්‍රශ්න අදියරෙන් අදියර විසදීමට රජය කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය. 2024 වර්ෂයේ මුල් කාර්තුවේදී අත්කර ගත් ආර්ථික වර්ධන වේගය තවදුරටත් ශක්තිමත් කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අවශ්‍ය සහාය ලබා දිය යුතුය යන කල් තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.