IMF එකඟතා දශමයකින් හෝ වෙනස් කළොත් රට ඉදිරියට ගෙනයාමට නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ මහතා පැවසීය.
සතියක් තුළදී මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැදගත් තීරණ 03ක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද(07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වූ වාර්තාව පිළිබඳව අද පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම අසීරු ගමන කළමනාකරණය කරගෙන යාමේදී මේ රටට දැවැන්ත සේවයක් කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සඳහා 2%ක, සහනාධාරයක් ලබා දෙමින් 10%ක උපරිම පොලී අනුපාතයක් ලබා දීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය. “රජයේ විශ්‍රාමිකයින්ට ප්‍රශ්නයක් තිබුණා. ඔවුන්ට වැඩිකළ දීමනාව රුපියල් 2500යි කියලා. ලබන මාසයේ සිට එම මුදල රුපියල් 3000කින් වැඩිකළා“. භාණ්ඩාගාරය ඒ සඳහා රුපියල් බිලියන 8.4ක මුදලක් විශ්‍රාමිකයින්ගේ වැටුප් සඳහා වෙන්කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“2016 විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට විශ්‍රාම වැටුප් විෂමතාවය නිසා දැවැන්ත අසාධාරණයක් සිදු වුණා. හිටපු ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධාන්තවයෙන් පත් කළ කමිටුව විසින් මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන තෙක් මෙම අසීරු අවස්ථාවේදීත් ඔවුන්ට දීමනාවක් ලබා දීමට රජය කටයුතු කර තිබෙනවා.”
මඩකලපුවේ ජාතික පාසලක දැරිවියකට කළ අපයෝජනයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙසට ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් දැනුම් දෙන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන් මහතා අද(07) පාර්ලිමේන්තුවේදී පැවසීය.මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.