පාසල් ක්‍රීඩාංගන දේශපාලන රැස්වීම්වලට යොදා ගැනීම නතර කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛයකින් දැනුම් දිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
කර්මාන්ත අමාත්‍යංශය මගින්, කර්මාන්තකරුවන් සඳහා මූල්‍ය සහන සහ තාක්ෂණික දැනුම ලබා දී තිබෙන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෑතක සිට ණය තොරතුරු කාර්යංශයේ(CRIB) නම් සඳහන් වූ කර්මාන්තකරුවන්ටද මෙම ණය සහන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියත්මක වූ බවද අමාත්‍යවරයා කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
කොරෝනා සහ ඉන්පසු ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු කර්මාන්තකරුවන් අපහසුතාවයට පත් වූ බව අප පිළිගන්නවා. රජය විසින් කර්මාන්තකරුවන් සඳහා මූල්‍ය සහන, ඉඩම් ලබාදීම සහ තාක්ෂණික දැනුම ලබා දෙනවා. කර්මාන්ත අමාත්‍යංශය, විවිධ වාණිජ සහ පෞද්ගලික බැංකු හරහා විවිධ ණය යෝජනා ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යංශය හරහා ස්මයිල් ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. මෑතකදී ක්‍රිබ් එකේ ඉන්න අයටත් මෙම ණය සහන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.”
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (06) කාරක සභා කිහිපයක සාමාජිකයින් පත් කර තිබේ. එම කාරක සභා සහ සාමාජිකයින් පහත පරිදි වේ.
සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයින් පහත පරිදි වේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධානයන්හි කුමක් සඳහන් වුවද, 2024 ජූලි 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ඒ. එච්. එම්. ෆවුසි, (මහාචාර්ය) චන්න ජයසුමන, (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, වඩිවේල් සුරේෂ් , එස්. සී. මුතුකුමාරණ, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, සුමිත් උඩුකුඹුර, සංජීව එදිරිමාන්න, (වෛද්‍ය) තිලක් රාජපක්ෂ, මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා දැනුම් දුන්නේය.
සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකයින් පහත පරිදි නම් කර තිබේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධානයන්හි කුමක් සඳහන් වුවද, 2024 ජූලි 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා, නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, (මහාචාර්ය) තිස්ස විතාරණ, (මහාචාර්ය) චන්න ජයසුමන, (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, කරුණාදාස කොඩිතුවක්කු, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, කෝකිලා ගුණවර්ධන , කුලසිංහම් තිලීපන්, සුදත් මංජුල, (වෛද්‍ය) තිලක් රාජපක්ෂ, ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, මර්ජාන් ෆලීල්, ගරු ජගත් සමරවික්‍රම, වීරසේන ගමගේ යන මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බවද කථානායකවරයා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයින් පහත පරිදි වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2024 අගෝස්තු 02 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බවද කථානායකවරයා නිවේදනය කළේය.
පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් තිබෙන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසිය.
පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ පාසල්වල මුරකරුවන්ගේ හිඟය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට මුරකරුවන් බඳවා ගත යුතු බවයි.
පාසල් තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන මුරකරුවන්ගේ හිඟයක් පවතින බවත්,
පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අනුයුක්තව මුරකරුවන් බඳවා ගත යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සහායක සේවාවක් ලෙස නම් කර ඇති බවත් පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.