අයවැයෙන් ක්ෂුද්‍රමූල්‍ය ණය කපා හරින්නත් ආර්ථික සංවර්ධනය තුළින් සංහිදියාව ඇති කරන්නත් කටයුතු කළා.ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින ණය නියාමන අධිකාරි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ක්ෂුද්‍ර මූල්‍ය නියාමන රාමුවක් ඇති කරමින් පාරිභෝහිකයා ආරක්ෂා කරන්නත් ඒ නියාමන රාමුව තුළ විධිමත් නීතිමය බලයක් ආරෝපණය කරන්න බලාපොරොත්තු වෙනවා යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
යාන් ඔය ජලාශයට යටවූ අලියාගොඩ, වාගොල්ලාකඩ, පහල දිවුල්වැව පවුල් 78ක් සඳහා රුපියල් 66,760,500ක වන්දි මුදල් පිරිනැමීම කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
අයවැය තෙවනවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00 ට සිදුකිරිමට නියමිතය.
ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද (4) පාර්ලිමේන්තුවේ දී සංශෝධන රහිතව සම්මත විය.