කථානායක කරූ ජයසූරිය මහතා සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් ඊයේ (3) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.
එළවලු පළතුරු සහ පොල්තෙල් වර්ගවල අඩංගු සංඝටක සහ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබදව පර්යේෂණ සිදු කර අවසන් වී ඇති බැවින් ඒ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන වෙනුවෙන් සිදු කෙරෙන බක්මහ දිව්රුම වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් උත්සවය ඊයේ (03) පෙ.ව. 8.00 ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදී.
අයවැය කාරකසභා අවස්ථවේ විවාදය අද (4) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.ඒ අනුව අමාත්‍යාංශ දෙකක් අද දින විවාදයට ගැනේ.