රටේ අපනයන තුළ හතරවැනි තැන ගන්නේ තොරතුරු තාක්ෂණයයි.මෙහි එකතු කළ අගය සියයට 95%ක් වෙනවා. ඩිජිටල් තාක්ෂණය ඉහළට ගෙනැවිත් එය අපනයනය කළ යුතුයි යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
වතුවල නාස්තිය අවම කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීමට කටයුතු කිරීම යළි ආරම්භ කරනවා.ජයිකා ආධාර ඇතිව මහනුවර නගරය පුළුල් කිරීමට කටයුතු කෙරෙනවා යැයි රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානයක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
විසර්ජන පනත් කෙටුම්පත 2019 කාරක සභා අවස්ථාවේ විවාදය අද (19) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය. ඒ අනුව අමාත්‍යාංශ තුනකට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.
හෝටල් සහ ආපන ශාලා වලින් ආහාර ලබාගන්නා ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම සදහා නව නීතිරීති කඩිනමින් ගෙනඑන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.