ජූනි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ප්‍රවෘත්ති නිවේදනයයි- “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පරිසර සංරක්ෂණ වැඩසටහන් රැසක් - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ උඩප්පුව වෙරළ තීරය පිරිසිදු කෙරේ. “කැළිකසළවලින් තොර පිරිසිදු වෙරළ තීරයක්” යන්න තේමා කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන තිරසර පාරිසරික ප්‍රතිපත්තිය යටතේ පුත්තලම මුහුදු තීරය කැළි කසළවලින් තොර මුහුදු තීරයක් බවට පත් කිරීම සදහා මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහජනතාවගේ සහාය ඇතුව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්  (19) ක්‍රියාත්මක කෙරිණ.

    මේ සඳහා ප්‍රදේශයේ ධීවර ජනතාව දැනුවත් කිරීම හා ඔවුන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ආකර්ෂණීය මුහුදු තීරයක් ලෙස පුත්තලම කල්පිටිය මුහුදු තීරය ඉතා වැදගත් වේ. එබැවින් මෙම වෙරළ තීරය වඩාත් සුන්දර ප්‍රදේශයක් ලෙස පවත්වාගෙන යාම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා උඩප්පුව පොලිසීය විසින් ප්‍රදේශයේ ධීවර ජනතාව මෙන්ම සෙසු ජනතාව දැනුවත් කරන ලදී.

    මෙම වැඩසටනට සහභාගී වූ වෙරළ සංරක්ෂණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ මධුනි ප්‍රනාන්දු මහත්මිය ධීවර ජනතාව දැනුවත් කරමින් වෙරළ පිරිසිදු කිරීමේ කටයුතුවලට ද සහභාගී වූවාය. මෙම අවස්ථාව සදහා උඩප්පුව පොලිස් ස්ථානාධිපති බී.ජී.සී.ආර්. ගුණතිලක මහතා, උඩප්පුව ග්‍රාම නිලධාරී තුමා, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති කන්දසාමි පච්ච්නාමු මහතා, ජනාධිපති ලේකම් කාර්‍යාලයේ වැඩසටහන් සම්බන්ධීකරණ නිලධාරී ජයන්ත දිසානායක මහතා සහ ප්‍රදේශවාසීන් සම්බන්ධ වූහ.
     

    දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවත්ති දෙපාර්තමේන්තුව

    ප්‍රවෘත්ති නිවේදනයයි- පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථික කටයුතු නංවාලීම සඳහා හස්ත කර්මාන්ත ව්‍යාපෘති යටතේ නාත්තන්ඩිය නවගත්තේගම, හලාවත ප්‍රදේශවල ව්‍යාපෘති රැසක්. -රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    විශ්‍රාම වැටුප්, නීති සහන, ප්‍රජා සත්කාර, සමාජ සංවර්ධන හා ආර්ථික කටයුතු යන විෂයන් යටතේ අධිකරණ අමාත්‍යාංශය වැඩිහිටියන් දැනුවත් කරයි.- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා අධ්‍යයනාංශයේ සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සහ අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya