උප්පැන්න සහතික හා ඉඩම් ලියා පදිංචි කිරිමේ එක්දින ජංගම සේවාවෙ ජාතික වැඩසටහනට සගාමිව ගාල්ල ඇල‍්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි සහ බලපිටිය ලේකම් කාර්යාලයේදි එක්දින ජංගම සේවා වැඩසටහන් පැවත්විණි.
ජාතික තරුණ සේවා සභාවට 50 වසරක් නිමිත්තෙන් ලක්ෂ 86 ක් වැය කර කහව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ප්‍රධාන ශාලා ගොඩනැගිල්ල පසුගියදා(16)ජනත අයිතියට පත් කෙරිණි.
වකුගඩු රෝගයෙන් පීඩා විදින ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීම පෙරදැරි කර ගනිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උදාර සංකල්පයකට අනුව වකුගඩු රෝග නිවාරණජනාධිපති කාර්යසාධන බලකායේ සහ විවිධ දානපතීන් ගේ මුල්‍ය දායකත්වය යටතේ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින්, මේවන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.
ගාලු උරුමය පදනම, ගාලු මහ නගර සභාව, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා ආයතන සහභාගිත්වයෙන් “ගාලු ලන්දේසි කොටුව අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීමේ විද්වත් කතිකාවත” - සමාරම්භක වැඩමුළුවක් පසුගියදා දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවත්විණි.