ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත යෝජිත විශාලතම අපනයන සැකසුම් කලාපය අද (04) බිංගිරියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙයි.
ජාතික රෝහලෙන් ලබන මස ආරම්භ කිරීමට නියමිත ත්‍රිමාණ තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීම තුළින් කෘත්‍රීම පාද නිර්මාණය සහ අනතුරකට ලක්වූවන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීම පළමු අදියරේ දී සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
වාර්ගික, ආගමික, සංස්කෘතික, විවිධත්වය තුළ පවතින සුන්දරත්වය මෙන්ම අගය හඳුනාගැනීමට මහා ශිවරාත්‍රී දිනය ද අප සැමට ආලෝකයේ දිනයක් වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදට යෙදී තිබෙන මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.