ශ්රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.
අපේ රට එදා මෙන්ම අදත්, හෙට දවසේත් මුළු මහත් ලෝකයටම ථෙරවාදි බුදු දහම බෙදාහරින ධර්ම ප‍්‍රචාරක මූලස්ථානය බවට පත් කිරීමට වත්මන් රාජ්‍ය නායකයා ලෙස තම වගකීම් ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.
වසර 68ක කාල පරාසයක් මුළුල්ලේ මව්බිමේ ස්වෛරිත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරනු වස් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉටු කළා වූ සේවය අනුපමේය බව ජනාධිපතිතුමා පවසයි.