ශ්‍රි ලංකා ආයතනික සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන උළෙල මෙම මස 13 වැනිදා පැවැත්වීමට කටයුතු කර තිබේ. ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලයෙ හා ජපාන බාහිර වෙළෙඳ සංවිධානය මෙය සංවිධානය කරයි.
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය අද (11) සිට 13 දක්වා වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ගුවන් විදුලි 2019 රාජ්‍ය සම්මාන උලෙළ පෙබරවාරි 12 දින ප.ව. 6.00ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතය.
2016 හා 2017 අ.පො.ස.(උ.පෙ) ප්‍රතිඵල මත 2018 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමට අදාළව මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ අයදුම් කිරිම ද 2019.01.25 දින ගැසට් නිවේදනය තුළ අනිවාර්ය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.