ජාතික පශු සම්පත් මණ්ඩලය හරහා මේ වසරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස දියර කිරි මිනි බවුසර් මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ජනතාව වෙත බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ජාතික පශු සම්පත් මණ්ඩලයේ පැවති මාණ්ඩලික නිලධාරී සාකච්ඡාවකදී පැවසීය.
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා මහතා ඊයේ ( 14 ) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.
පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටේට් Rodrigo Duterte මැතිතුමාගේ විශේෂ නිල ආරාධනය පරිදි පිලිපීනයේ පස් දින රාජ්‍ය සංචාරයක් ස`දහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (15) දිවයිනෙන් පිටත්ව ගියේ ය.
බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් නිවාස අහිමිවූ පවුල් 13ක් සඳහා ඉඩම් ලබාගැනීමට රුපියල් 400,000 බැගින් චෙක්පත් ප්‍රදානය කිරීම ඊයේ (15) අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.