හෙක්ටයාර් 269ක භූමි ප්‍රමාණයකින් යුත් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මාස 28ක් තිස්සේ සිදු කළ ගොඩ කිරීමේ කටයුතු අද (16) අවසන් විය.
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) හම්බන්තොට වරායට සේන්දු වූ අතර, එම නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් අද හම්බන්තොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී විය.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරන 12 වන ජාතික පෝතක බාලදක්ෂ කබෝරිය මෙවර වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යපීඨයේදී 2019 අප්‍රේල් මස 06 සිට 08 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ති්‍රක සබදතා තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් ස`දහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිව් දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 15 දින රාත්‍රියේ මැනිලා නුවර නිනෝයි අකිනෝ (Ninoy Aquino ) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.