ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම උදෙසා සබරගමුව විශ්ව විද්‍යලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ නව වෛද්‍ය පීඨය අද (17) පෙරවරු 10.30 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කිරිමට නියමිතව ඇත.
“ එකට වවමු එකට වැඩෙමු” විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ද සමගාමීව ආරම්භ කෙරේ....
පසුගිය වසර 04 තුල සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදු වී ඇතැයි පැවැසෙන දුෂණ සහ වංචා පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා ජනාධිපති කොමිසන් සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට කළ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් පේජ් මහතා ඊයේ (16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.