ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් අක්කර 65 ක වපසරයකින් යුත් හල්දුම්මුල්ල ඔසු උයන සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කළ දින සිට මේ දක්වා එහි කටයුතුවල ප්‍රගතිය ඇතුළත් ,ස්වාධීන වෘත්තිමය පොලිස් සේවාවක් සදහා ප්‍රකාශිත පොලිස් කොමිසන් සභාවේ ජයග්‍රහණ, වාර්තාව (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම උදෙසා සබරගමුව විශ්ව විද්‍යලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ නව වෛද්‍ය පීඨය ලබන 17 දා පෙරවරු 10.30 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කිරිමට නියමිතව ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පරිගණක ජාලගත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරි පරිශ්‍රයේ දී පසුගියදා සිදු කෙරිනි.