පාට,පක්ෂ ගැන නොසිතා මිලියන 20 ක් ජනතාවගේ දුක තෙරුම් ගෙන කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ඉතා වැදගත් තිරණයක් ගෙන තිබෙන බවත් අතිපූජ්‍ය මහාසංඝරත්නය ප්‍රකාශ කරති.
ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනය
නබිතුමන්ගේ ඉගැන්වීම වූයේ කිසිදු පුද්ගලයකු තවත් පුද්ගලයකුට වඩා ජාතිය, කුලය, වර්ණය අනුව උසස්වන්නේද පහත්වන්නේද නැති බවය. එසේම සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බවත් නබිතුමන් ලොවට දේශනා කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත් නබිනායක දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.
පාර්ලිමේන්තුව තුළ ඇතිවෙමින් පැවති අර්බුදකාරී තත්ත්වය නිමා කිරීම සඳහා ඊයේ දින සර්ව පාක්ෂික හමුවේ දී තමන් විසින් ලබා දෙන ලද මාර්ගෝපදේශනයන් නිවරැදි ලෙස අනුගමනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකඟත්වය පළ කිරීම පිළිබඳව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් ප‍්‍රසාදය පළ කරයි.
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (Sri Lanka College of Military Medicine) විසින් පසුගිය දා වැලිඔය, පරණගම වැව විද්‍යාලයේදී විශේෂ ක්‍ෂේත්‍ර සෞඛ්‍ය සායන ඇතුළුව වෛද්‍ය කඳවුරක් පවත්වන ලදී.