ජනාධිපතිතුමා ගත් පියවරක් අභියෝගයට ලක් කිරීම නීතියට පටහැනි දෙයක් බවත් ඒ සඳහා නීතිමය උපදෙස් ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
රට යථාතත්ත්වයට පත් වූ බවත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නිවැරැදි තැනට ගෙන ඒමට කටයුතු කළ බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වූ බව නියෝජ්‍ය කතානායක අනාන්ද කුමාරසිරි මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.