නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් පසුගිය දා නිමාවට පත් විය.
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (20) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
දේශීයව වැදගත් වන විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම සදහා විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ තාක්ෂණඥයන් දිරිගැන්වීමේ අරමුණින් ජාතික පර්යේෂණ සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණ සදහා වූ ජනාධිපති සම්මාන උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (19) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.
ටවර් හෝල් රඟහල පදනම දියුණු නාට්‍ය සංස්කෘතියක් බිහිකර, ජනතාවගේ සෞන්දර්යාත්මක ආකල්ප දියුණු කිරීමේ අරමුණින් හා දේශීය නාට්‍ය කලාවේ දියුණු ප්‍රේක්ෂකාගාරයන් බිහිකිරීම සඳහා මෙරට නාට්‍යවේදීන්ගේ විශිෂ්ට නාට්‍ය නිර්මාණ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ටවර් රඟහල මසකට වරක් නාට්‍ය සංවිධායකයින්ට නොමිලේ ලබාදීමට ටවර් හෝල් රඟහල පදනම තීරණය කර තිබේ.