''1990 සුව සැරිය'' ගිලන් රථ සේවය, පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට නොමිලේ ලබා ගැනීමට අවස්ථාව උදා කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
ආණමඩුව හා නවගත්තේගම යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල නියගයේ පීඩාවට පත් වූ පවුල් වෙත සහන ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් පසුගියදා කි‍්‍රයාවට නැංවීය.
කළුතර ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ජල ප්‍රශ්න රාශියකට විසඳුමක් ලබා දීමටත් නියඟ කාලයේ දී පානීය ජලයට ලුණු මිශ්‍ර වීම වළක්වාලීමටත් හැකි වීම ගැන තමන් සතුටු වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ,මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා බෝට්ටු නිෂ්පාදන තාක්ෂණ දියුණු කිරීමේ ආයතනයන්හි සංවිධානයෙන් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, වරාය හා නාවික අමාත්‍යාංශය හා වාණිජ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වනු ලබන ශ්‍රී ලංකා බෝට්ටු ප්‍රදර්ශනය සහ සැණකෙලිය ඹක්තොම්බර් මස 26 සිට 28 දක්වා ගාල්ල වරාය යොට් යාත්‍රා අංගනයේදී පැවැත් වෙයි.