ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරින් ශ්‍රී ලංකාව මුලික ස්ථානයට නම් කිරීම අපේ සංචාරක ව්‍යාපාරය ලත් ජයග්‍රහණයක් බවත්, ඒ ජයග්‍රහණයෙන් උදම් නොවී අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් සංවර්ධනය කරලීම සඳහා නව මංපෙත් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ දීර්ඝ මිතුදමක්.වත්මන් රජය ඉන්දියාව සමග මිත්‍රශ්‍රීලිව කටයුතු කරනවා යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ,සදහම් යාත්‍රා, ධර්ම දේශනා මාලාවේ 43 වැනි දම්සභා මණ්ඩපය වප් පුර පසළොස්වක පොහොය යෙදී තිබූ අද (24) දින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පිහිටි බෝධින් වහන්සේ අභියස දී පැවැත්විණි.