මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්.එච්. සරත් මහතාගේ කලා දිවියට 50 වසරක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු චිත්‍ර ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (03) දින උදෑසන කොළඹ, හෝර්ටන් පෙදෙසේ පිහිටි ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී විවෘත කෙරිණි.

    මෙම චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එස්.එච්. සරත් මහතා සහ එම මහත්මිය, කලාකීර්ති එඩ්වින් ආරියදාස යන මහත්වරු ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.

    පසුගිය ජුනි 29 වැනිදා සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රු.138.00 කින් අඩු කිරීමට සාපේක්ෂව කිලෝ 5 ක් හා කිලෝ 2.3 ක් වූ කුඩා  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ ද පිළිවෙලින් රු.55.00 කින් හා රු.25.00 කින් අඩු කර තිබෙන බවත්, තවමත් වැඩි මිළට ගෑස් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියට වැටලීම් කටයුතු සිදු කරන ලෙස තමන් නියෝග කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

    සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන උපතින්ම අතක් අහිමි එන්. පී. විනීතා දමයන්ති සිසුවිය තමන් වෙත කෘතිම අතක් ලබාගැනීමට සහය වන ලෙස ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීම ඉටු කරමින් එම දියණිය වෙත කෘතිම අතක් ලබාදීම  ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    උතුරේ අවුරුදු තිහක යුද්ධයත් සමග ප්‍රජාතන්ත්‍රවාදය නැතිව තිබුණා. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලා තිබුණත් තවමත් ප්‍රශ්න තිබෙනවා. දැන් තිබෙන ප්‍රශ්න විසඳන්න අමාරුයි. ඒ ප්‍රශ්න විසඳීමට අපි හැමෝම එකතුවෙලා කටයුතු කරන්න අවශ්‍යයි. එකම ශ්‍රී ලාංකිකයන් විදියට ජීවත්විය යුතුයි. එයට විරුද්ධව කිසිම කෙනෙක් කිසි දෙයක් නොකළ යුතුයි '' යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya