දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට හිඟයකින් තොරව යුරියා පොහොර බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ලංකා පොහොර සමාගමේ හා කොමර්ශල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.
කොළඹ නගරයේ ජීවත් වන සහ නගරයට පැමිණෙන දෙස් විදෙස් සැමට බලපාන පාරිසරික හා දේශගුණික ගුණාත්මකභාවය උදෙසා සැලැස්මක් ඇති කිරීම පිළිබඳ සමාරම්භක සාකච්ඡාවක්, කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි, පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශයේදී පසුගිය සතියේදී පැවැත්විණි.
කොළඹ අවිස්සාවේල්ල පරණ පාර (Low Level) මාර්ගයේ ඔරුගොඩවත්ත - අඹතලේ කොටස කඩිනමින් සංවර්ධනය කර වැඩ අවසන් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල
ගුණවර්ධන මහතා පවසයි.