බෝ නොවන රෝග පිළිබඳ ජාතික කවුන්සිලය (25) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස්විය.
කර්මාන්ත අමාත්‍යාංශය විසින් රට තුළ කර්මාන්ත හා ව්‍යවසායකත්ව නවෝදයක් ඇතිකිරීමේ අරමුණෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව සියළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහයෝගීතාවයෙන් Get Up - Start Up for a Wealthy Nation ජාතික වැඩසටහන ( ඔක්තෝබර් 26 ) වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජනගත කිරීම සිදුකෙරිණි.
ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙරට කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් නව ගිලන් රථ 60 ක් සෞඛ්‍ය ආයතන වෙත ලබාදීම (26) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, කෙහෙලිය රඹූක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
රටතුළ ඩෙංගු රෝගීන් වර්තමානයේ සිටින ප්‍රමාණයට වඩා වැඩි වුවද එම තත්ත්වයට මුහුණදීම සඳහා මෙරට රෝහල් පද්ධතියේ සූදානම ප්‍රමාණවත් බවද, නමුත් මෙම අවස්ථාවේ රෝගීන් වැඩිවීම පාලනය කරගැනීම වැදගත් බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.