නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති පූජ්‍ය නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම්පත කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත ඊයේ (26) දින වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පිළිගන්වනු ලැබීය.
2022/23 මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙ.ටො.12,500ක් රැගත් පළමු නෞකාව ඊයේ (26) රාත්‍රී කොළඹ වරායට පැමිණ තිබේ.
පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (25) සිය සහතිකය සටහන් කළේය.