ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83 ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් (Dr. Rane Van Berkel) මහතා පවසයි. ඔහු මෙලෙස පැවසුවේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයයේ ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා වන ක්‍රියාකාරී කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.
අපි රුපියල් බිලියන 51 ක් ලෝකෙට ණය වෙලා තිබෙනවා. යුද්ධය අවසන් කරන්න ණය ගන්න සිදු වූවා. රට සංවර්ධනය කරන්න ණය ගත්තා, සහනාධාර දෙන්න ණය වෙන්න සිදු වූවා. මෙය මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට ජනතාවට සහනාධාර ලබා දීමට සිදු වූ රටක් වූවා. ජනතාවගේ පැත්තෙන් චෝදනා කරනවා දූෂණ වංචා සිදු වූ බවට. අභිමානවත් ජාතියක් ලෙස හිටපු අපි යටත් විජිත යුගයෙන් පසු අලස, කම්මැලි, දීන ජාතියක් බවට පත් වෙලා යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පතට දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය පසුගිය (16) වැනිදා හිමි විය.