පළාත් මට්ටමින් නව සංචාරක කලාප හඳුනාගැනීමේ වැඩපිළිවෙලක් සිදු කරගෙන යන බවත් ඒ සඳහා පරිසර අමාත්‍යංශය, වනජීවී සහ සංචාරක අමාත්‍යංශ ඇතුළු සියළු අමාත්‍යංශ එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව අද(21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
අපේ රටේ ගොවීන් නිෂ්පාදනය කළ ඉහළ ප්‍රමිතියෙන් යුත් සහල් වෙළඳපොලේ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ත්‍රී පෝෂ සම්බන්ධව මාධ්‍ය මඟින් සිදු කරන ප්‍රකාශ අමූලීක බොරුවක් බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත් මෙයට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලේකම්වරයාට දැනුම් දුන් බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.