ගිලන් රථ තුල රෝගී ප්‍රවාහනයේ දී අත්‍යවශ්‍ය රුපියල් මිලියන 147.6 ක් වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් “කොළඹ රිජන්සි රෝටරි සමාජය” (Rotary Club of Colombo Regency) විසින් (09) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.
රටේ ධනය අපතේ නොයවා, ග්‍රාම සේවා කොට්ඨාශ මට්ටමේ සිට සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළ බව, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිවේදනය කර තිබේ.
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා අද (11) දිවයිනට පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.