අභිනව රාජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම පැවරීම තුලින් රට ගොඩනැගීම සඳහා ගෙන යන කඩිනම් වැඩ පිළිවෙලට සුවිසල් දායකත්වයක් සැලසෙන බව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කොරියානු රැකියා අපේක්ෂකයින් ඉක්මණින් දකුණු කොරියානු රාජ්‍ය බලා පිටත් කර යැවීම සඳහා මේ වන විට වීසා බලපත්‍ර 1125ක් සූදානම් බවත් සතියකට ශ්‍රමිකයින් දෙසීය පනහක් කොරියාව බලා පිටත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී කටයුතු (09) දින ආරම්භ කරන ලදි.
බිනර පුර පසළොස්වක පෝය අදට ( සැප්තැම්බර් 10) යෙදී තිබේ.